test 1


 ඉංග්‍රිසි භාෂාවේ එන Civilization යන පදයේ සිංහල අර්ථය ලෙස ‘ශිෂ්ටාචාරය’ යන්න දැක්විය හැකිය. ශිෂ්ටාචාරය යන පදය භාවිතා වන්නේ මානව සමාජයක කිසියම් ආකාරයක සංවර්ධනයක් විස්තර කිරීමටය. එනම් මානවයාගේ පරිණාමයේ සංධිස්ථානයක් හඳුනාගැනීම සඳහාය. මිනිසා තිරිසනුන් ගෙන් වෙන්ව මිනිසකු වූ දින සිට ඔහුගේ ඉදිරි ගමනේ විවිධ ජවනිකා ‘ශිෂ්ටාචාරය’ යන නමින් අප හමුවේ සංදර්ශනය වේ. මිනිසාගේ දිර්ඝ ඉතිහාසයේ පසුකලක ඇතිවූවක් ලෙස ශිෂ්ටාචාරය හැඳින්විය හැකිය. ශිෂ්ටාචාරයක තත්ත්වයට පත්ව ඇත්තේ මුලින්ම ජන කණ්ඩායම් කිහිපයක් පමණකි.

            ශිෂ්ටාචාරය යන්න සඳහා බොහෝ අර්ථ නිරූපන විශාල සංඛ්‍යාවක් විවිධ පුද්ගලයන් විසින් ඉදිරිපත් කර ඇත. එම නිර්වචන ඉදිරිපත් කිරීමේදී ඔවුන් විසින් විවිධ විෂය ක්ෂේත්‍ර හා පැතිකඩ කෙරෙහි අවධාණය යොමු කර ඇත. එසේ ඉදිරිපත් කර ඇති විවිධි නිර්වචනයන් කිහිපයක් මෙසේ දැක්විය හැකිය.